වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්
ඉදිරි දින කිහිපයේ දී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වියහැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව අද (17දා) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර හා නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ තරමක වර්ධනයක් සවස සිට (ජුනි 17 - 20) අපේක්ෂා කෙරේ.
දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, දකුණු පළාතේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැක. තවද, දිවයිනේ දකුණු ප්‍රදේශයේ අහස වළාකුලින් බරව පවතී.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල විටින් විට වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිකුත් කර තිබෙන කාලගුණ අනවැකියේ සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

