රට තුළ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් අද (11) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව අද (11) උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
මීට අමතරව උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙයි.