මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 25ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 6.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 222590කට බලපෑම් එල්ල වී තිබේ. පුර්ණ නිවාස හානි 28ක් වාර්තා වී තිබේ. දිස්ත්‍රික්ක 17ක ප්‍ර ා දේශීය ලේකම් කොට්ඨාස 146කට වර්ෂාවෙන් බලපෑම් ඇතිව තිබේ.