ඉදිරියේදී තවදුරටත් දිවයින පුරා වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් රත්නපුර, ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවලට ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඉදිරි දින කිහිපයේදී නුවර එළිය දිස්ත්‍රික්කයට මල් තුහින ඇතිවීමේ සුළු හැකියාවක් ඇති බවත් රත්නපුර දිස්ත්‍රික්කයේ උදය කාලයෙදී මිහිදුම් තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.