කිලිනොච්චිය කණ්ඩාවලෙයි පෙරියකුලම් ප්රදේශයේ වැලිජාවාරම්කරුවන් විසින් වැලි කැනීම් සිදු කිරීම හේතුවෙන් ප්රදේශයේ ජනතාවට මෙන්ම ගොවීන්ටද ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට වාර්තා වෙයි.
පෙරියකුලම් වැවෙහි ජලය ගලායන ඇලවේලි ආශ්රිතව වැලිජාවාරම්කරුවන් විසින් වැලි කැනීම හේතුවෙන් කුඹුරු වෙතට ජලය රැගෙන ගිය ඇලවේලී වලට දැඩි ලෙස හානි සිදුව ඇති බවටත් ප්රදේශයේ රක්ෂිතයටද දැඩි බලපෑමක් එල්ල වීම නිසා ජීවත්වන ජනතාවටද බලපා ඇති බවට එම වැසියන් පවසති.
එමෙන්ම ජලය ගලා බසින පාරම්පරික ඇළවේලි වලට හානි සිදුවීම මගින් ඉදිරි මහකන්නයේ ගොවිතැන් කිරීමේදී ගොවීන්ගේ කුඹුරු වෙතට ජලය රැගෙන යාමට නොහැකිව ගොවීන්ට දැඩි ලෙස පීඩා විඳීමට සිදුවනු බැවින් වහාම අදාල වැලිජාවාරම්කරුවන් වෙනුවෙන් නීතිය ක්රියාත්මක කොට ප්රදේශයේ සිදුවන වැලි කැනීම් නවතා දැමීමටද බලධාරීන් කටයුතු කල යුත බවට ගම්වාසීහු කියා සිටිති.
අදාල ගැටලුව සම්බන්ධයෙන් ගම්වාසීන් කණ්ඩාවලෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව ප්රාදේශීය ලේකම් වරයාගේ මෙහෙයවීමෙන් කණ්ඩායමක් අදාල ප්රදේශයට ගොස් සිදු කරන ලද පරික්ෂා කිරීම්වලදී එම නිලධාරීන්ටද සිදුවන විනශය වැටහී ඒ පිළිබඳව ඉක්මන් පියවරක් ගත යුතු බවට බලධාරීන්ට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව පොලීසියටද දැනුම් දී ඉක්මන් පියවර ගන්නා බවට ගම්වාසීන්ට නිරීක්ෂණ නිලධාරීන් විසින් පවසා ඇත.
