වැලිමඩ නිවසක සගවා තිබූ කෝටි ගණනක මුදල් සමඟ අයෙක් අත්අඩංගුවට
වැලිමඩ පොලීසිය හා ගුවන් හමුදා සාමාජිකයන් විසින් අද (29) දා වැලිමඩ බොරගස් ප්‍රදේශයේ නිවාස වටලා කළ සෝදිසියකදී ඉදිකරමින් පවතින මහල් නිවාසයක සැක සහිත ලෙස සගවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් සොයා ගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසිය .
නිවෙස් හිමි 57 හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු එම මුදල් ලැබුණ ආකාරය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වීම නිසා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ අබලි ද්‍රව්‍ය දමන කාමරයක බාල්දියක හා පෙට්ටියක තිබූ මේ මුදල් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි .
මුදල් විශුද්ධිකරන පනත යටතේ ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී ඇති අතර ඊට අමතරව මුදල් ලැබුණු ආකාරය පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පැවසීය .
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව් .හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

