වැලිකන්දේ වෙල්යායක දස හැවිරිදි වනඅලි මළසිරුරක්
පොළොන්නරුව වැලිකන්ද මහින්දාගම නව මැණික්දෙණිය ප්රදේශයේ කුඹුරු යායක් තුළ වනඅලියෙකුගේ මළසිරුරක් ඊයේ (02දා) සොයාගත් බව වනජීවී නිලධාරීන් පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර වැව් රක්ෂිතයේ සැරිසරන අවු. 10ත් 12ත් අතර වයසේ පසුවන වනඅලියෙකු වන අතර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (03දා) සිදු කිරීමට නියමිත අතර විදුලිසැර වැද්දවීමකින් මරාදමා ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.



තුෂාර තෙන්නකෝන්
popular news
-
Champa Tuesday, 03 July 2018 06:46 PM
අයියෝ දෙයියනේ අහිංසක අලියා. වැඩි වයසකුත් නැහැ. අලියෙක් අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා. අලි වැට හරිම අමනුශිකයි. මීට කලිනුත් කියලා තියෙනව මගේ මම අලි වැටට හුඟක් විරුද්ධයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

