වැලිකඩ බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ සිට දුරකථන හරහා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ 10 ආසන්න වටිනා මත්කුඩු සමග අද 21 මොරටුව නගරයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .
සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 50 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එස් පුෂ්පකුමාර මහතාට ලද තොරතුරු අනුව මත්කුඩු ග්‍රෑම් 10 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ප්‍රදේශයේදී තවත් සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 10 සහ අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි මොරටුව ප්‍රදේශයට මත්කුඩු බෙදාහරින ප්‍රධාන සැකකරු මත්කුඩු ග්‍රෑම් 30 සමග ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකු හරහා ලැබෙන මත්කුඩු මෙලෙස ජාවාරම් කර මුදල් ez cash හරහා මුදල් බැර කරන බවයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා මොරටුව හා මෝදර පදිංචිකරුවන්ය.
සැකකරුවන් මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහල් පේමරත්න පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එස් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අනුරාධ මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකළහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

