විදේශ ගමන් බලපත්‍රයක් මගින් නීත්‍යනුකූල නොවන ආකාරයට මෙරටට පැමිණි විදේශිකයෙකු ඊයේ (11දා) ගුවන්තොටුපොළ පරිශ්‍රෙය්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි සියරා ලියෝන් ජාතිකයෙකි.
සැකකාර විදේශිකයා ඊයේ (11දා) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විදේශ ගමන් බලපත්‍රයක් මගින් නීත්‍යනුකූල නොවන ආකාරයට මෙරටට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ විදේශිකයා අද (12දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂක ඒකකය සිදු කරයි.
