වැඩිම ආයෝජන හම්බන්තොටට , ඒත් දරුවෝ මන්දපෝෂණයෙන් මැරෙනවා - පාඨලි
2005 සිට 2019 දක්වා වැඩිම ආණ්ඩුවේ ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට බවත් ඒත් හම්බන්තොට දරුවෝ මන්දපෝෂණයෙන් මිය යන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ රට රකින - රට හදන ජාතික මග ව්‍යාපාරයේ කිරිබත්ගොඩ සමුළුවට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ විද්‍යාත්මක සංවර්ධනයක් සිදු නොවීමට හොඳම උදාහරණය හම්බන්තොට බවයි. දේශපාලන පුරාජේරුවට වරායවල්, ගුවන්තොටුපලවල්, ලොකු පාරවල් වැඩි වැඩියෙන් හදලා ගිය ආණ්ඩුවෙත්, මේ ආණ්ඩුවෙත් වැඩිම මුදල් ආයෝජනය කරලා සංවර්ධනය කළ හම්බන්තොට ප්‍රදේශයේ මන්ද පෝෂණයෙන් ළමයි මැරෙනවා
අපි පාරවල් හදලා කාපට් කෙරුවා කියලා, නිකං බඩු බෙදුවා කියලා ජනතාවක් උඩට එන්නේ නැහැ. බලන්න හම්බන්තොට ඇතිවෙච්ච ඛේදවාචකය. දරුවෙක් නැති උනා. විජලනයෙන් නැති උනා කියනවා, මන්දපෝෂණයෙන් නැති උනා ආදී නොයෙක් හේතු කියනවා. නමුත් මතක තියාගන්න මේ රටේ 2005 සිට 2019 දක්වා වැඩිම ආණ්ඩුවේ ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට. ගිය ආණ්ඩුවෙත් එහෙමයි, මේ ආණ්ඩුවෙත් එහෙමයි.
නිවාස හදලා තියෙන්නේ, වැඩිම රැකියා දීලා තියෙන්නේ වැඩිම ආයෝජන වෙලා තියෙන්නේ මේ රටේ අනෙකුත් සෑම තැනකම පුරවැසියන්ට 2005 සිට 2015 ට රුපියල් හතලිස් පන්දාහයි වියදම් කළේ. හම්බන්තොට එක් පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 15ක් වියදම් කළා. හැබැයි ඒ විදිහට පාරවල් හදලා, ගුවන්තොටුපලවල් හදලා, ගෙවල් දීලා, රස්සාවල් දීලත් මොකද? අන්තිමට කන්න නැතිව මැරෙනවා. මොකද්ද මේකෙන් තියෙන්නේ මේ අවිද්‍යානුකූල දේශපාලනයේ, අවිද්‍යානුකූල ආයෝජනයෙන් ජනතාවගේ ජීවිත ගොඩනැගෙන්නේ නැහැ.
නිකං බෙදුවයි කියලා, මිනිස්සුන්ට කටට නිකං සූප්පු දුන්නයි කියලා බඩ පිරෙන්නේ නැහැ, හිත පිරෙන්නේ නැහැ, මනස පිරෙන්නේ නැහැ, නිර්මාණාත්මක මිනිහෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා විද්‍යානුකූල ක්‍රමයකට මේක කළා නම් හම්බන්තොට විතරක් නෙමෙයි මුළු රටම අපට වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
කෂිනි හපුආරච්චි

popular news
-
කෝලිත Sunday, 23 June 2019 06:58 PM
හම්බන්තොටට මෙගෝපෝලි ආවෙ නැහැනෙ ඒ නිසා වෙන්න ඇති ඔය විනාසෙ...
Reply : 0 0
සෙනෙවි Monday, 24 June 2019 10:00 AM
මොහු තමන් සමග ජනාධිපති තරඟයේ ඉදිරියෙන් දුවන සජිත්ට හීන් නූලෙන් කකුල් මාට්ටුවක් දාන්න හදනව වගේ
Reply : 0 0
shan Monday, 24 June 2019 12:50 PM
තවකෙක් කපාගන රජවන්නට නොයන තම හැකියාව පිරිසිදුබව පෙන්වමින...... නැණගුණ බලය පෙන්වා රට ගොඩ නැගුන පැවතුම වේය යන්නට හැකි දිගු ගමන.......
Reply : 0 1
Champa Monday, 24 June 2019 04:41 PM
"අද" පත්තරකාරය මගේ මෙතන comment එකත් දාල නැහැ. මම කිව්වේ දුප්පතාගේ හිතවතාගේ පළාතේ දරුවෙක් බඩගින්නේ මැරිලා. තමන්ගේ පළාතේ දරුවෝ ගැන බලා ගන්න බැරි මිනිහ කොහොමද රටේම දරුවෝ ගැන බලන්නේ? මෙහෙම කිව්ව comment එක කැපුවේ මොකොද?
Reply : 0 1
shan Monday, 24 June 2019 06:19 PM
මට දැන් හිතාගන්න පුළුවන් මේ හම්බන්තොට ළමා මරණය මොකක් සදහා නිර්මාණය කල දෙයක්ද කියල වසර 10 බේබිල චන්දය ගත්ත හමබන්තොට ඇයි මන්දපෝෂණය ඇති වැසියෝ බිහි උනේ බේබිල චන්දෙ අරන් දිනා ගත්තේ ඉඩම් ටික විකුණා ගන්න විතරද ?අපේ රටේ ඉන්න ඔලුව උදුම්ම ගත්ත මීහරකෙක් උගේ ගොන් කමට දරුවට ලැබෙන අහාර මල්ලවත් නොගෙන උන්නේ දරුවා මරාගන උන් කඩේ යන පරයනට වාසි ලබා දෙන්න වෙන්න ඇති මේ මරණය සිද්දවෙන්න ඇත්තේ දරුවා මැරෙන්න දීල බලා උන්නට මුට ලක්ෂ ගානක් ලැබෙන්න ඇති මිනිස්සුන්ට මඩ ගහන්න මේවගේ වැඩ කරන උන්ගෙන් ජාතක වෙන උන් මැරෙන එකමයි හොද නිලදාරීන්ට දොස් කීව මම හිතුවෙත් මේක නිලදාරීන් කල වරදක් කියල බලපුවාම මහා එකාගේ ගොන් කම හා උද්දච්චකම නිසා දරුවා මැරිලා තියෙන්නේ ඒකට රටේ කිසිවෙක් වගකියන්න ඕනේ නැහැ මට කිසිම දේසපලක්යෙක් ලොකුත් නැහැ එකෙක්වත් ඕනෙත් නැහැ නමුත් බලුවැඩ කරන උන්ට සමාවකුත් නැහැ මම ඔය එකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

