වාහන ආනයන විවෘත කිරීමෙන් අනතුරුව නොවැම්බර් මාසය වන වට ඒ් වෙනුවෙන් විවෘත කරනු ලබන ණයවර ලිපි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
මේ වන විට වාහනවල මිල ස්ථාවර වී ඇති බවත් තරමක් දුරට වාහන මිල අඩුව ඇති බවත් ඔහු පැවැසීය. ඒසේම වාහන ආනයනද ස්ථාවර වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළග වාරිකය දෙසැම්බර් 15 දා පමණ වන විට ලැබෙනු ඇති බවත් දෙසැම්බර් මාසයේදි සංචාරකයන් ප්‍රමාණය පැමිණීම වර්ධනය, විදේශ ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යෑම මෙන්ම අපනයනයන වැඩිවීම හරහා මේ වසරේදී ජාත්‍යන්තර අරමුදල විසින් විදෙස් සංචිතය සම්බන්ධයෙන් ලබාදී ඇති ඉලක්කයට පහසුවෙන්ම ළඟ වන බවත් ඔහු පැවැසීය.
අද මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කිවේය.