ව්‍යාජ ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ජුලි 20දා සිට මාස අටක සිරදඬුවමක් සිංගප්පූරු අධිකරණයක් විසින් ලබා දී තිබේ.
මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ නල්ලියා සෙල්වමානි රොහාන් (26), කන්තනාදන් ජස්තිරන් (23), රොපෑන් ඩයස්පෙරිසන් (20) යන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුටය.
අදාළ සැකකරුවන් තිදෙනා සංචාරක ගමන් බලපත්‍ර මගින් මැලේසියාවට පැමිණ ඇති අතර පසුව එම බලපත්‍ර ව්‍යාජ ලෙස සකසා සිංගප්පූරුවට යෑමට තැත් කිරීමෙදී ජුනි 27 වැනිදා සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස විදේශ ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ වරදකට පුද්ගලයෙකුට සිංගප්පුරු ඩොලර් 10,000 දක්වා දඩයක් හෝ වසර 10ක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකි බව එරට ආගමන විගමන ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
