විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මොටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුව මගින් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමානව ව්‍යාජ වාහන අංක තහඩු සැකසීමේ ස්ථානයක් දීර්ඝ කාලයක් මුලුල්ලේ සිට පරිඝණක හා මුද්‍රණ යන්ත්‍ර උපයෝග කරගනිමින් පවත්වාගෙන යමින් සිටි තාන්ඩිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.