ව්‍යාජ ලිපි ලේඛණ සැදු කාර්යාලයක් සොයා ගැනේ
නීතිවිරෝධී ලෙස සකසන ලද ව්‍යාජ ඛනිජ වැලි බලපත් 7ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (22) රාත්‍රීයේ වැල්ලවාය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවාය පොලීසිය, සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත රත්නපුර කොස්පැලවින්නේ පිහිටි අදාළ ව්‍යාජ ලේඛන සකසන ස්ථානයක් වටලා ව්‍යාජ ලිපිලේඛන හැඳුනුම්පත් හා ව්‍යාජ නිලමුද්‍රා රැසක් සමඟ එහි හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙසේ ව්‍යාජ ඛනිජ වැලි බලපත් 7ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්නපුර දොඩම්පෙ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ ප්‍රකාශ මත පොලීසිය විසින් රත්නපුර කොස්පැලවින්න හුලංදාව බෝධිවර්ධනාරාම පාරේ පිහිටි නිවසක් වටලා එහි හිමිකරු වන 63 හැවිරිදි පුද්ගලයෙක් සමඟ ඔහු සතුව තිබූ ව්‍යාජ ඔප්පු 15ක් ඇතුළු විවිධ ව්‍යාජ ලිපිලේඛන 28ක් සහ නීතිඥවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ නම් හා තනතුරු ඇතුළත් ව්‍යාජ නිලමුද්‍රා 66ක්ද අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් හා භාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ අධීක්ෂණය මත වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

