ව්‍යවස්ථාදායක සභාවට සන්ධානයෙන් තිදෙනෙක්
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවෙකු ඒ සඳහා ඇතුළත් කර නොමැති බැවිම් මේ සම්බන්ධයෙන් කථානායක කරැ ජයසුරිය මහතාට දැනුම්දීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරන කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂසඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජනයක් ලබාදී තිබූ අතර, ඒ අවස්ථාවේදී විපක්ෂනායක නියෝජිතයා ලෙස නම්කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාය.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්වීමෙන් පසුව මෙය වෙනස් කර නොමැති අතර, ඒ හේතුවෙන් චමල් රාජපක්ෂසහ මහින්ද රාජපක්ෂයන මහත්වරුදෙදෙනාම මේවනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරමින් සිටිති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කථානායකවරයාට, අගමැතිවරයාට, විපක්ෂනායකවරයාට අමතරව ජනාධිපති නියෝජිත, අගමැති නියෝජිත, විපක්ෂනායක නියෝජිත සහ සුළු පක්ෂ නියෝජිත ලෙස මන්ත්‍රීවරුන් පත්කරනු ලැබේ.
ඒ අනුව අගමැති නියෝජිත ලෙස තලතා අතුකෝරළ මහත්මිය පත්කර ඇති අතර, ජනාධිපති නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ හා විපක්ෂනායක නියෝජිත ලෙස චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පත්කර ඇත.
සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස බිමල් රත්නායක මන්ත්‍රීවරයා පත්කර ඇති අතර, තවත් සිවිල් සාමාජිකයෝ තිදෙනෙක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරති.
ආණ්ඩු පෙරළියෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත්කළ අතර, ඉන් පසු අවස්ථා 03කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්ව තිබුණද, මේ වනතුරු විපක්ෂනායක නියෝජිතයා වෙනස් කිරීමට අවධානයක් යොමුව නොතිබිණි.

popular news
-
Champa Friday, 15 February 2019 04:17 PM
හා හා හා මේ ව්‍යවස්ථා සභාව ස්වාධීනද? නැත. එහෙයින් මෙහි තීන්දු තීරණ අපක්ෂපාතිද? ඒත් නැත. ස්වාධීන අපක්ෂපාති රාජ්‍ය සේවයක් තිබෙන රටක, පත්වීම් සහ උසස්වීම් දේශපාලන පදනම මත පත්කරගත් ව්‍යවස්ථා සභාවකින් අනුමැත වීම යුක්ති සහගතද? ප්‍රජාතන්ත්‍රවාදීද? නීතියට එකඟද? කොහෙත්ම නැත. ව්‍යවස්ථා සභාවේ එකම අරමුණ තමන් කැමති පුද්ගලයන්ට පත්වීම් සහ උසස්වීම දීම හෙයින් එය ඉතා දරුණු ලෙස රාජ්‍ය සේවයට කරන දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස සැලකිය යුතුය. අනිත් අතට ස්වාධීන කොමිෂන් සභා කිසිවක් ස්වාධීන නැත. ඒවාට පත් කර ඇත්තේ ආණ්ඩුවේ එහෙයියන් සහ ආණ්ඩුවට සම්බන්ධකම ඇතිවුන්ය. ඔවුන් රාජ්‍ය සේවකයන් නොවෙන නිසා ඔවුන් ගැන නීතිය ක්‍රියාත්මක කිරීමටද ඉඩක් නැත. හොර ස්වාධීන කොමිෂන් සභා වලින් සිද්ධ වුනේද එතෙක් ස්වාධීනව සහ අපක්ෂපාතීව පැවති රාජ්‍ය සේවයේ කාර්යයයන් දේශපාලනීයකරණය කිරීමය. මේ යූඑන්පී රජය රටට ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය ගෙනා හැටිය. ඊලඟ චන්දයේදී රටවැසියා මේ දෙකම ප්‍රතික්ෂේප කලොත් පුදුම විය යුතු නැත.
Reply : 0 0
Champa Friday, 15 February 2019 07:46 PM
විනිශ්චයකරුවන් සම්බන්ධයෙන් කතා කරන කොට තව දෙයක් කියන්නම වෙනවා. සමහර නඩු කාරයන්ගේ නම් කියන කොටම ජනතාව කියනව ඒ ගොල්ලෝ අහවල් දේශපාලකයන්ට පක්ෂයි, අහවල් පක්ෂ වලට පක්ෂයි. ඒ හින්ද ඒ අයගේ නඩු වලදී පක්ෂග්රාහී විදිහට වැඩ කරනවා කියලා. උදාහරණයක් විදිහට අග්‍ර විනිශ්චයකාර තනතුර පුරප්පාඩු වුනු වෙලාවේ ගිය අවුරුද්දේ, පත්තර වල තිබුන ඊවා වනසුන්දර ඒ තනතුරට දාන ශ්රීලනිපය දඟලනව. නීතිපතිව දාන්න යූඑන්පී එක දඟලනව කියලා. මේ කතාවල්ම ඒ අය ඒ තනතුරට නුසුදුස්සන් කරනවා. අනිත් අතින් පුද්ගලික හේතු මත කියලා සමහර නඩු කාරයෝ නඩු වලින් අයින් වෙනවා. ඒක බරපතල විදිහට ඔවුන්ගේ පක්ෂග්රහිත්වය ප්‍රශ්න කිරීමක් විතරක් නෙමෙයි අධිකරණයේ හොඳ නමටත් කැලලක්. ඒ කියන්නේ ඒ නඩුකාරයෝ පිලිගන්නවා තමන්ගේ නඩු තීන්දු වලට හිතවත්කම් නෑකම් ප්‍රශ්නයක් වෙන බව. හරිනම්, ස්වාධීන අපක්ෂපාති නඩු කාරයෙක් නම්, නඩුව කාට විරුද්ධ වුනත් තීන්දුව අපක්ෂපාති වෙන්න ඕනේ. ඒ හින්ද අධිකරණය, එහි පත්වීම් උසස්වීම් සම්බන්ධයෙන් කටයුතු කරන කොට දේශපාලනයට නම් ගෑවිච්ච නැති අය තෝරාගෙන, දැන්වත් අඩු ගානේ අධිකරණය නියම විදිහටම ස්වාධීන සහ අපක්ෂපාති බවට පත් කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
