විහාරමහා දේවි උද්‍යානයට එන ළමයින්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව සම්මතයි
කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර, මාස 02ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇතැයි නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
විහාර මහා දේවි උද්‍යානයේ හා කාක දූපත උද්‍යානයේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ සවි කිරීමටත්, ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් ගෙවීමටත් අදාළ පුද්ගලික සමාගම එකඟ වී තිබේ.
කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී තිබේ.
කොළඹ නගර සීමාවේ අඩු අදායම්ලාභීන් බහුතරයක් සිටියදී ධනපති පවුල් සුළුතරයක් පිනවීම සඳහා මෙම වැඩපිළිවෙළ දියත් කර තිබෙන බවත්, නගර සභා ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී කුඩා ළමයින්ගෙන් මේ ආකාරයට මුදල් අය කරගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රි හේමන්ත වීරකෝන් මහතා පැවසීය.

popular news
-
Champa Thursday, 30 August 2018 09:25 AM
මේ මොකක්ද මේ? එතකොට සාමාන්‍ය පවුලක දරුවෙක්ට ඔතන සෙල්ලම් කරන්න යන්න බැහැ. සල්ලිකාරයන්ගේ ළමයින්ට විතරයි පුළුවන්. විනාඩි 15ක්ත රුපියල් සීයක්. දැන් වැඩිය සල්ලි නැති දෙමව්පියෙක්ගේ දරුවෙක් විනාඩි 15 කට වඩා හිටියොත් එලියට ඇදල දානවද දරුවා අඬත්දි නැත්නම් දෙමව්පියන් තව සීයක් දෙන්න ඕනෙද? අන්තිම අසාධාරණයි මේක. රෝසිගේ ගෙදර clean කරන්න මිලියන් ගානක් ගෙවල නිරාපරාදේ. පඩි දෙගුණයකින් වැඩි කරගත්ත සභිකයෝ ටික. මේ කරන්න හදන්නේ නගරේ තියෙන සෙල්ලම් කරන තැන් සල්ලිකාරයන්ගේ දරුවන්ට විතරක් ඇරලා තියෙන එක.
Reply : 0 33
ටි.ඉන්දික Friday, 31 August 2018 01:35 AM
නින්දිතම ක්‍රියාවක්
Reply : 0 1
සෙනෙවි Friday, 31 August 2018 05:43 PM
ලෝක රූ රැජිනියන් පත් කර ගත්තාම මේ වගේ ඉල්ලන් කන්න වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

