වුහාන් වෙත ගිය ශ්‍රි ලංකන් ගුවන් කණ්ඩායම මාධ්‍ය හමුවට
ශ්‍රී ලංකා රජය, චීන රජය මෙන්ම දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු කණ්ඩායම් රැසකගේම දායකත්වය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස බේරා ගැනීමට හැකි වුණු බව එම මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායම පවසා සිටියි.
මෙම මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව මෙම පිරිසගේ සහභාගිත්වයෙන් පළමුවරට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් ඒ බව සඳහන් කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවා සැපයුම් ප්‍රධාන නිලධාරී කපිතාන් රජින්ද් රණතුංග, මෙම යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ කපිතාන් චමින්ද ඩි සොයිසා, ගුවන් යානා ඉංජිනේරු ලිලන්ත පත්බේරිය, ගුවන් යානා තාක්ෂණික නිලධාරී රුමේෂ් පතිරාජ, කාර්ය මණ්ඩල ප්‍රධානී ෆර්හාන් හනීෆා යන මහත්වරුන් ඇතුළුව එම අවස්ථාව සඳහා සහභාගි වූ වෛද්‍යවරිය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ද සහභාගි වුහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ




popular news
-
Wimal Tuesday, 04 February 2020 04:11 AM
China giya eka metharam loku nam moon ekata giyyoth kohomada wetika hahaha
Reply : 0 0
රටවැසියා Tuesday, 04 February 2020 10:53 AM
ඔබට පැවරුන රාජකාරිය නිසායාකරව ඉටු කරන්න. ඔබගේ රාජකාරිය විරත්වය හෝ දේවත්වය සේ නොසල කන්න. ඔබ අපායට ගොස් යුද්ධයක් කර කිසිවෙකු එයින් ගලවාගෙන ආවා නොවේ - මෙය "මානුෂික" මෙහෙයුමක් නොවේ - අපේ රටේ දරුවන්ට චිනයේ කිසිවකු "අමානුෂිකව" සැලකු බවට වාර්තා නැත. ඔබ කලේ අපට වඩා බොහෝ දියුනු රටකට ගොස් එහි සිටි පිරිසකට ග්රවනින් ප්‍රවාහනය සැලසීමයි. තමන්ට පැවරුන රාජකාරිය ඉටු කර එය පිම්බිමෙන් වලකින්න. ඒ තුල පුහු විරත්වය නොදකින්න. රට වෙනුවෙන් අපමණ සේවයක් කරන මිනිසුන් එයට මාධ්‍ය ප්‍රචාරය දෙන්න යන්නේ නැත! - අපේ මේ පිම්බිමේ කලා-සංස්කෘතියෙන් මිදි පරිනත ජාතියක් සේ ජීවත්වෙමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

