වාහන මිල ඉහළට
මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින්, සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්, හා සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
එසේම සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කර තිබේ.
එමෙන්ම සිලින්ඩර් ධාරිතාව 200ක් වන ත්‍රිරෝද රථ මත නිෂ්පාදන බද්ද රු. 60,000කින් වැඩි කර ඇත. මේ අතර කිලෝ වෝට් 70 ක විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු.175,000 කින් අඩු කිරීමට කටයුතු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

