හෙට (01දා) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුළ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දොපාර්මේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් සබරගමුව පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද (30දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනක දැක්වෙයි.
එසේම උතුර, උතුරු-මැද හා වයඹ පළාත්වලලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි