විස්සයි20 සංචිතයෙනුත් මාලිංග කැපෙයි
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.
එම තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (08දා) ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේද අනුමැතිය හිමිව තිබේ. තරග තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල්ද සංචිතයට නම්කර ඇත.
දීර්ඝ දකුණු අප්‍රිකා සංචාය නිමාකරමින් පැවැත්වෙන විස්සයි20 තරගය එළැඹෙන 14 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරාං, ධනංජයද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ශෙහාන් ජයසූරිය, ශෙහාන් මධුශංක, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්, බිනුර ප්‍රනාන්දු

popular news
-
apeerate Friday, 10 August 2018 10:01 AM
එක අතකට හරි. ලංකාවේ සෙල්ලම් කරන්න මුලින්, අනිත් පැත්තෙන් මොකට වදුරට රිලවා කිවුවද :) :P
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

