විස්සෙන් කොමිෂන් සභා අහෝසියි කීම මිත්‍යාවක් - GL
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා අහෝසි වී ඇති බවට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කිරීම මිත්‍යාවක් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“පසුගිය දවස් තුන තුළ විශාල ලෙස විවේචනයට භාජනය වෙච්ච දෙයක් තමයි පාර්ලිමේන්තු කවුන්සිලය. එය සම්බන්ධයි කොමිෂන් සභාවට. සමහර අය කියනවා කොමිෂන් සභා 20 වන සංශෝධනයෙන් අහෝසි වෙලා කියලා. සම්පුර්ණ මිත්‍යාවක්. කොමිෂන් සභා තියෙනවා.
20 වැනි සංශෝධනය යටතේ කොමිෂන් සභා හතක් තියෙනවා. ඒ කොමිෂන් සභා හත තමයි මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව , පොලිස් සේවා කොමිෂන් සභාව , ශ්‍රී ලංකාවේ මානව කොමිෂන් සභාව, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව. මුදල් කොමිෂන් සභාව , ජන්ද කොට්ඨාශ පිළිබඳ සීමා නීර්ණ කොමිෂන් සභාව. ඒ හත දිගටම තියෙනවා. එකක්වත් අහෝසි කරලා නැහැ.
හැබැයි මේ කොමිෂන් සභා හත ස්ථාපිත කිරිමේ කාර්යභාරයේදි යම් වෙනසක් ඇති කරලා තියෙනවා. ඒවා පත් කිරිම සම්බන්ධයෙන් වෙනස තමයි ඉස්සෙල්ලා තිබුණු ව්‍යවස්ථා මණ්ඩලය වෙනුවට දැන් පාර්ලිමේන්තු කවුන්සිලයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තු කවුන්සිලයේ යෝජනා හා අදහස් විමසිමට අනිවාර්ය යුතුකමක් හා වගකීමක් ජනාධිපතිවරයාට පැවරෙනවා.
මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඔක්තොම්බර් මාසයේදි විතර පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා කිසිම සැනයකින් තොරව තුනෙන් දෙකක බහුතරය ඒකට ලැබෙනවා කියලා. සීමිත කාලයක් තුළ ඉටු කර ගැනීමට අවශ්‍ය බලතල රජයට ලබා දීම තමයි 20 වන සංශෝධනයේ අරමුණ හා අභිමතාර්ථය.”
popular news
-
joseph de silva Monday, 07 September 2020 05:44 PM
This man who is an insult to the other professors and learned people has lost his sanity. He shall be sent to Angoda, before the situation worsens.
Reply : 0 0
Mahaththaya Tuesday, 08 September 2020 05:18 AM
Rata wati athi agadaya ha naya ugula nisa rate sampath, rate idam vikineema ekama aramunayi. (Arthika gathakaya Janapathige pradana upadeshakaya wanneya. ) - parisaraya thamanta oni kramayata nawanne. (sinha raje wate idam hotal walata vikineema) - Palathsaba nathikaranne (yati aramuna idam vikineemdi owunta virudda viya haki bawa nisa) - Horakan karanne naththan, janathawage ayithiwasikam kada karanne naththan, mardanaya karanne naththam, janathawa wenuwen wada karanne nam hangenna mukthiyak awashya mona labbatada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

