වසර පුරා ඵලදාව ලැබෙන අඹ ප්‍රභේදයක්
වසර පහළොවක් තිස්සේ සිදුකළ පරීක්ෂණවලට අනුව වසර පුරාම ඵලදාව ලැබෙන අඹ ප්‍රභේදයක් සොයාගෙන තිබෙන බවත්, ඉදිරියේදී මෙය ජනතාවට ලබාදෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මීටර් පහක් වැනි සීමිත උසක් දක්වා අඹ ගස වර්ධනය වන බවත්, මේ නිසා කුඩා භූමියක පවා මෙම ශාකය පැළ කර ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ කෘෂි තොරතුරු මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
2005 වසරේදී ආරම්භ කළ අධ්‍යයනයකට අනුව මෙම අඹ ප්‍ර‘භේදය සොයාගත් බවත්, විලාඩ්, කර්තකොළොම්ඹන් අඹ ප්‍ර‘භේද සැලකීමේදී නව ප්‍ර‘භේදය තුළින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
වියළි කාලගුණ තත්ත්වයන් යටතේ මෙම ප්‍රභේදය තුළින් වැඩි ඵලදාවක් ලැබෙන බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බවත්, වසර පුරා ඵලදාව ලබාගැනීමට හැකි වීම නිසා වැඩි වාසි අත්කර ගත හැකි බවත් සනත් එම්. බණ්ඩාර මහතා පැවසීය.
මෙම ප්‍රභේදය තිරුනෙල්වේලියෝලෝ ලෙස නම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

