කිසිවෙකුගේ වහලුන් නොවන එක්සත් ජාතික පක්ෂය, තවත් වසර 1 1/2 ක කාලයකින් කුමක් සිදු කරන්නේදැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (30 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බල තණ්හාවෙන් පෙළෙන රාජපක්ෂ පවුලේ තිදෙනෙකුගේ සරණින් තොරව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් නොමැති වුවද එක්සත් ජාතික පක්ෂයට එසේ නොමැති බවත්, ඒ අනුව තවත් වසර 1 1/2කින් එක්සත් ජාතික පක්ෂය තුළ සිදු වන්නාවූ දෙය කිසිවෙකුටවත් සිතාගත නොහැකි බවත් හෙතෙම එහිදී පවසා සිටියේය.
