තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
2008 වසරේදී තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට මෙම නඩුව ගොනුකර තිබුණි.