වසංගත පාලනයට බ්‍රසීලයේ අඩකටම රාත්‍රී ඇඳිරි නීතියලු
කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින නිසා ෆෙඩරල් ආණ්ඩුවේ සහාය නොමැතිව බ්‍රසීලයේ දැඩි පීඩාවට පත් ප්‍රදේශවල ආණ්ඩුකාරවරු රාත්රියේදී ඇඳිරි නීතිය සහ කෝවිඩ් -19 ආසාදන පැතිරීම මැඩපැවැත්වීමේ පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ.
මීට අමතරව, ප්‍රාන්ත රජයන් 18ක් පසුගිය දින පහ තුළ යම් යම් සීමා කිරීම් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව කායවර්ධන මධ්‍යස්ථාන, උද්‍යාන, සාප්පු, සාප්පු සංකීර්ණ, පල්ලි සහ පාසල් වෙත යෑම සීමා කර තිබේ.
බ්‍රසීලයේ ධනවත්ම ප්‍රාන්ත තුන වන සාඕ පවුලෝ, මිනාස් ජෙරෙයිස් සහ රියෝ ද ජැනෙයිරෝ යන සියල්ලම ජනගහනයේ චලනය අඩු කිරීමට පියවර ගෙන ඇත.
ඊයේ (16දා) මිනාස් ජෙරෙයිස් ආණ්ඩුකාර රෝමූ සේමා පැවසුවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
