වසංගතය මැදත් තිරසාර සංවර්ධනයෙන් ලංකාව ඉදිරියට
කොළඹ දී පවත්වන ලද තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ 2021 වර්ෂයේ තිරසාර සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේ වුවද ගෝලීය ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 07 කින් ඉදිරියට පැමිණ ඇති බවයි.
ඒ අනුව රටවල් 165 අතරින් 87 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
රජය විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ලබා දී ඇති ප්‍රමුඛතාවය ඉස්මතු කළ ලේකම්වරයා ගෝලීය මට්ටමේ අභිලාෂ සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් ශ්‍රී ලංකාව, සිය ජාතික සංවර්ධන ඉලක්ක සකස් කොට ඇති බව සඳහන් කළේ ය. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්රයත්නයේ ජාතික සන්දර්භය, ප්‍රමුඛතා සහ පවතින තත්වයන් සැලකිල්ලට ගන්නා ශ්‍රී ලංකාව, වැඩි අවධානය යොමු කෙරෙන මැදිහත්වීම් සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය ක්ෂේත්රවල ප්‍රගතිය වේගවත් කිරීම සඳහා කැපවූ වේදිකා ස්ථාපිත කර ඇති බව පැවසී ය.
තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමේ දී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව ඇති සමාජ-ආර්ථික බලපෑම් දකුණු ආසියානු කලාපයට එල්ල වන විශාලතම අභියෝගය බවත්, ඒ අනුව සංවර්ධනය සඳහා ප්‍රමාණවත් සහ තිරසාර මූල්‍ය වැඩපිළිවෙළක් තහවුරු කිරීම අභියෝගයක් වන බවත් විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව සිය ආර්ථිකය නැවත ගොඩනඟමින් සිටින බැවින්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පරිවර්තනීය මාර්ග සොයා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර සහයෝගීතාවයේ නිරතව සිටීමට සහ එය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති නොසැලෙන කැපවීම විදේශ ලේකම්වරයා යළි තහවුරු කළේ ය.
popular news
-
Kumar Saturday, 20 November 2021 03:34 PM
Cuten bathala sitawanawa kiyanne e wani prakashawalatada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

