විෂ වායු කාන්දුවකින් ලාංකිකයෙක් ඉතාලියේදී ජීවිතක්ෂයට
ඉතාලියේ පවියා නගරයට ආසන්න ටොර්නෙල්ලෝ මෙස්සනිනෝ ප්ර දේශයේ නිවසක විෂවායු කාන්දුවීමකින් ශ්රී ලාංකිකයෙකු මියගොස් ඇති බව පවියා කැරිබිනේරි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජෝශප් එවන්ස් ප්රනාන්දු (58) නැමති අයෙකි. ඉකුත් 15 දා රාත්රියේදී මෙම සිදුවීම සිදුව ඇති බවත් නිවස උණුසුම් කිරීමට යොදාගෙන තිබු විදුලි ජනක යන්ත්රයකින් පිටවූ කාබන්ඩයොක්සයිට් වායුව ආග්රණය වී මෙම මරණය සිදුවන්නට ඇති බවට සැක කරන බව පවියා පොලීසිය පවසයි.
මෙම නිවසේ මියගිය පුද්ගලයා සමග ඔහුගේ බිරිඳද සිට ඇති බවත් විෂ වායුව හේතුවෙන් ඇයද බරපතල තත්වයෙන් සිටියදී පවියා නාගරික රෝහලට ඇතුළත් කර තිබේ.
නිවස ආසන්නයේ සිටි පුද්ගලයන්ගේ දැනුම් දීමක් මත 16දා දහවල් එම සථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් හදිසි ගිලන් රථ සේවකයන් හා කැරිබිනේරි පොලිස් නිලධාරින් පැමිණ සොයා බැලිමේදි ලාංකිකයා එම ස්ථානයේම මියගොස් සිට ඇත.
මියගිය පුද්ගලයා වෙන්නප්පුව ලුණුවිල ප්රදේශයේ අයෙකු බව සඳහන් වේ.

popular news
-
Kumar Monday, 23 November 2020 08:34 AM
Since this is related to a generator exhaust, it is most likely due to carbon monoxide (CO) poisoning. Our homes are heated with natural gas heating and it is mandated that "CO" detectors are installed in every home in California in addition to smoke detectors. Our detectors "squeak as well warn verbally of the danger when carbon monoxide or smoke is detected. Some idiots, mostly republicans wanted to ignore the rule. If they are against the device, I suggested that incase the warning activates, just ignore and stay indoors. I am sure they will never ignore the warning. In case the CO device is activated we are asked to open all windows and rush outside to avoid CO poisoning.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

