වවුනියාව, සතොස ශාඛාවේ සේවකයන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බව වවුනියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.
වවුනියාව සතොස ශාඛාවෙන් ලබා ගත් සීනි තුළ කිසියම් වෙනසක් පැවතීම සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකු සිදු කළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී එහි අලෙවියට තබා තිබු සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ (02දා) සවස අනාවරණය වූ බව ඔවුහු පවසා සිටිති.
උද්ගතව ඇති මෙම තත්ත්වය මත මෙම සතොස ශාඛාවෙන් සීනි මිලදීගත් සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙස වවුනියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.
යම් හෙයකින් මේවා පරිභෝජනය කර ඇත්නම් ඔවුන්ට වමනය යෑම හා ක්ලාන්ත ගතියක් ඇතිවිය හැකි බැවින් වහා එම පිරිස් වහා රෝහල්ගත කරන ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටිති.
