වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඊයේ (04) දිනය නිමා වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 128 වාර්තා වී ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරී සමන් බන්ධුල සේන මහතා පවසා සිටියේය.
මේ අතර වවුනියාවේ ඡන්ද මධ්‍යස්ථාන අසලදී ඡන්ද අපේක්ෂකයින් විසින් මනාප අංක සමගින් නීතිවිරෝධීව කුඩා ප්‍රමාණයේ ඡන්ද පත්‍රිකා සහ පොකට් ඡන්ද පත්‍රිකා අද (05) අලුයම් කාලයේදී දමා ගොස් තිබියදී අද උදෑසන සිට පොලිස් නිලධාරීන් විසින් එම පත්‍රිකා ඉවත් කිරීමේ කටයුතු වල නිරතව ඇත.
වන්නි දිස්ත්‍රීක් මැතිවරණ බල ප්‍රදේශය තුල මෙතෙක් කිසිදු මැතිවරණ ප්රචණ්ඩක් ක්‍රියාවක්ද වාර්තා වී නොමැති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
