වව්නියාවේ අවදානම් ස්ථානවල සේවය කල පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයට
වව්නියාව අධිකරණයේ පොලිස් සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග වව්නියාව දිස්ත්‍රීක්කයේ අවධානම් ස්ථානයන්හි රාජකාරී කටයුතු වල නිරත වූ පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
ඒ අනුව රෝහල්, අධිකරණ, කොරෝනා ආසාදිතයින් වාර් තාවූ ප්‍රදේශ වල රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් මෙලෙස පී.සී.ආර් පරික්ෂණයන් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර වව්නියාව අධිකරණයේ අධිකරණ සැරයන්වරයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අධිකරණයේ පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන් ඇතුලු සමීපව ඇසුරු කල පුද්ගලයින් 45 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යෙමු කොට ඇත.
එමෙන්ම පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරන ලද පොලිස් නිලධාරීන් පූර්ණ නිරෝධායන ක්‍රියාවලියක යෙමු කිරීමටද පියවර ගෙන ඇති බවට වව්නියාව පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

