යාපනය චලෙයි ප්රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක් ඊයේ (05) දින හමු වූ බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් චලෙයි ප්රදේශයේ කැලෑ බද ප්රදේශයකදී සිදු කරන ලද සෝදිසි පරික්ෂා වලදී අදාළ යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදී වලදමා තිබියදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර් 60 වර්ගයේ ,මෝටාර් උණ්ඩයක්, ආර්.පී.ජී. උණ්ඩ 03 ක් , අත්බෝම්බ 05ක් සහ කොටි සංවිධානය විසින් නිෂ්පාදිත මර උගුලක් මේ අතර වෙයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ ආයුධ තොගය වලදමන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරන අතර සොයාගත් බෝම්බ නිෂ්ක්රීය කිරීම හා වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පොලිස් විශේෂකාර්ය බලකායට ලබාදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
