නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 31 ත් වයස්වල පසුවන තලෙයිමන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
