වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක නිරත වෙමින් එහි දේපළවලට කරපු හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට තීරණය කර තිබෙනවා.
දීර්ඝකාලීන සිරදඩුවම් විදින අයට පොදු කාර්ය සමා කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.
කෙසේ වුවද මෙම ගැටලුව විසදීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළද ඔවුන් සිය විරෝධතාවයේ නිරත වුණා. සෞඛ්‍යය පිළිබද සැලකිලිමත් වී විරෝධතාවයේ නිරත වූ රැදවූවන් සියලු දෙනා ඊයේ රාත්‍රි ඔවුන් රැදී සිටි වහළයෙන් බිමට බැස්සවීමටද ක්‍රියා කළේය.
තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ.