වර්ථමානයේ රට විශාලාවක් බවට පත් වෙලා
වර්ථමානයේ රට විශාලාවක් බවට පත්ව තිබෙන බවත් ඒ අනුව රට තුල ව්‍යසනකාරී තත්වයක් ප්‍රකාශයට පත් කර රට ජාතික න්‍යාය පත්රයකට වැඩ කරන තත්ත්වයකට පත් කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ්-19) තාවකාලික විධිවිදාන පනත් කෙටුම්පත පිළිබද අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා,
මේ වන විට මුලු රටම බරපතල තත්වයකට වැටිලා තිබෙනවා. එක පැත්තකින් දවස ගානේ රෝගීන් වැඩි වෙනවා. ඒ වගේම මැරෙන ප්‍රමාණය වේගයෙන් වැඩි වෙනවා. මේකට පිළිතුරු සපයන්න රජයට තමයි ප්‍රධාන වගකීම තිබෙන්නේ. ඒ නිසා තමයි ආරම්භයේ සිටම විපක්ෂය ලෙස අපි ආණ්ඩුවට මේ පිළිබදව අපේ තිබෙන අදහස් සහ විවේචනයන් ඉදිරිපත් කළේ. ඒ අනුව රට නිවැරදි මගට ගැනීම තමයි අවසානයේ බලාපොරොත්තු වන්නේ. ඒකට අපි හොදට කළා, අපි වැක්සින් ගැහුවා වගේ කියලා තවත් පම්පෝරි ගහලා නම් මේකට උත්තර හොයා ගන්න බෑ. දැන්වත් මේ උද්දච්ඡකම බිමින් තියන්න. ඔබතුමන්ලා මෙය සාර්ථකව පාලනය කරලා නෑ. ඒක පිළිගන්න. එහෙම සාර්ථකව පාලනය කළා නම් රටේ මෙහෙම තත්වයක් ඇති වෙන්නේ නෑ. අද මුලු රටම එක මළගෙයක් වෙලා තිබෙන්නේ. ඒ තත්වයට පත්වුනේ ගත යුතු තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැති නිසා. වැක්සීන් එක ගැන තීන්දුව ගන්න තිබුනේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ. ඒ වෙලාවේ කිව්වේ අපිට වැක්සින් ගේන්න හදීසියක් නෑ කියලා. ඒ වෙලාවේ තමයි පැණි මුට්ටියක් උස්සන් ගියේ. අද පැහැදිලිව අපි දකිනවා නිෂ්චිත වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා දැන්වත් මෝඩ උද්දච්ඡකම පැත්තකින් තියලා දැන් මේ රට පත්ව තිබෙන ව්‍යසනකාරී තත්වය හරියට බැරෑරුම්ව තේරුම්ගෙන වහාම ක්‍රියාමාර්ග තෝරන්න. අද රටම විශාලාවක් බවට පත්වෙලා තිබෙන මොහොතේ රටේ ව්‍යසනකාරී තත්වයක් ප්‍රකාශයට පත් කරන්න. ඒ වගේම මුලු රටම ජාතික න්‍යය පත්රයකට වැඩ කරන තැනකට ගේන්න.
යනුවෙන්ද සඳහන් කළේය
popular news
-
අප්පුහාමි Tuesday, 17 August 2021 08:30 PM
Honestly, I havent seen an any other opposition like in SL. Political parties in other civilized countries, have got together to fight this common enemy (i.e, New zeland, Australia and all European countries and most of the Asian countries as well). Reading news around the world, we cant see such an oppotunistic nature of politicians in any other country ACCEPT some of the African countries. Sri Lanka's political culture including JVP is highly barbaric and uncivilized which cannot be categorised under Asian or Europian standards. As everything else, country's opposition has also been substandard. JVP's oppotunustic behaviour shows that they are also the offsprings of JR's corrupted political system. No hope for Sri Lanka. Only sinking faster and faster..no matter who comes to power..same political blood.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

