විපක්ෂයේ චෝදනා බතික් කර්මාන්තයට ආශීර්වාදයක්
බතික් කර්මාන්තයට පහර දෙමින් තමා වෙත විපක්ෂය සිදු කරන චෝදනා මෙරට බතික් කර්මාන්තයේ නියැළෙන්නන්ට සිදු කරන ආශිර්වාදයක් බව බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(21) පාර්ලිමේන්තුවේ පැවති රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිණි.
ආර්ථික වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබූ දැක්ම නිසාම එතුමා ජනාධිපතිධූරයට පත් වූ විගස විශාල බදු සහන පැකේජයක් ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා සියයට 4% , 6% සහ 8% වැනි වැනි සුළු පොළී අනුපාතයක් යටතේ ණය ලබා දීමේ වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර ඇති බවද පැවසීය. මෙතෙක් කලක් බදුවලට සිරවී සිටි ව්‍යාපාරිකයන් මේ වන විට නව ව්‍යාපාර කෙරෙහි යොමු වන බවද කීය.
ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තය ගොඩ නැගීම සඳහා ඉදිරි මාස කිහිපය තුළදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

