වඳ කිරීම දණ්ඩ නීති සංග්‍රහයට අයත් වරදක් නෙමෙයි - ගම්මන්පිල
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වඳ භාවයට පත්කිරීමේ දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද (24දා) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
" දැන් ජනතාව සහරාන්ටත් වඩා ත්රස්තවාදියා ලෙස දකින්නේ වෛද්‍ය ෂාෆි සියාබ්දීන්. ඔහු කර ඇති වඳ සැත්කම් ගණන 1000කටත වැඩියි. මේක දැවැන්ත ඉලක්කමක්. භයානක කරුණ තමයි බලහත්කාරයෙන් වඳ කිරීම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් ලෙස හඳුනාගෙන නෑ.
වඳ භාවයට පත්කිරීම ලබාදිය හැක්කේ බරපතල තුවාල කිරීමේ වරදට අදාළ දඬුවමක් පමණයි. මෙයට ලබාදිය හැක්කේ උපරිමය වසර 7ක සිර දඬුවමයි.
නමුත් මේක සමූහ ඝාතනයක්. සමූහ ඝාතනයකට මරණ දඬුවම ලබාදිය හැකියි. මේ සඳහා ආණ්ඩුව නීති සම්පාදනය කළ යුතුයි. "

popular news
-
Dayan Monday, 24 June 2019 03:42 PM
මෙයා කොහොමද ගණන් කලේ. විසේස්ග්ඥයෙක් ද? බොරුවට අන්තවාදී කතා කියන්න එපා. පරීක්ෂණය කරන්න දෙන්න.
Reply : 162 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

