වන සතුන්ගෙන් සිදුවන වගා හානි ගැන ගොවීන්ගෙන් සෘජුවම තොරතුරු ගනී

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ ගොවීන්ගෙන් ඍජුව තොරතුරැ ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව සිදුව ඇති වගා හානි පිළිබඳ සියලු තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ගොවීන්ට ලිඛිතව ලබාදිය හැකි අතර එසේම එම තොරතුරු 011- 2872094 යන අංකයට ෆැක්ස් පණිවිඩයක් හෝ දුරකථන පණිවිඩයක් මගින්ද ලබා දිය හැකිය.
මෙරට වගා කෙරෙන බෝගවලින් වාර්ෂිකව 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කෙරෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළිව තිබූ අතර සෑම වර්ෂයකදීම රටේ ශක්තිමත්ව වැඩ කරන ගොවීන්ගෙන් 80% කට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් මියයන බවටද හෙළිව තිබිණි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා සිදු කළ නමුත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලබා ගැනීමට මේ වන තෙක් අපොහොසත් වීමෙන්න් ගොවීන් වෙතින් ඍජුව තොරතුරැ ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

