වනාන්තරවල සිදු කරන විනාශය ගැන අඛණ්ඩ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

විල්පත්තුව, සිංහරාජය, නකල්ස් යන වනාන්තරවල සිදුකරන විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ හා ඉදිරියේදී විනාශ කිරීමට නියමිත වනාන්තර පිළිබඳ සමස්ත ජනතාව අඛණ්ඩව දැනුවත් කරන වැඩපිළිවෙළක් සකස් කළ බව සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම වැඩපිළිවෙළේ පළමු වැඩසටහන මේ මස 24 වැනිදා කොළඹ නාඩා ආයතනයේදී සිදුකරන බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක පූජ්‍ය වෑකඳවල රාහුල හිමියෝ අවධාරණය කළහ. දේශපාලන වාසි ලබාගැනීම සඳහා විල්පත්තු වනාන්තර විනාශ කර දමමින් තිබෙන බවත්, මීට අමතරව සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට බව පවසමින් සිංහරාජය, කන්එළිය, නකල්ස් වනාන්තර විනාශ කරමින් තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මීට අමතරව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා බව පවසමින් උඩවලව, ලුණුගම්වෙහෙර, බුන්දල වැනි රක්ෂිත වනාන්තර විනාශ කර දැමීමට සැලසුම් කර තිබෙන බවත්, අදාළ කටයුතු කිරීමට ලෝක බැංකු විසින් ඩොලර් මිලියන හතළිස් පහක ණය මුදලක් ලබා ගැනීමට නියමිත බවත් වෑකඳවල රාහුල හිමියෝ අවධාරණය කළහ.
මේ හේතුවෙන් දැනට සිදුකර තිබෙන විනාශය පිළිබඳ හා ඉදිරියේදී විනාශ කිරීමට නියමිත වනාන්තර පිළිබඳ රටේ ජනතාව දැනුවත් කරන බවද උන්වහන්සේ පවසා සිටියහ.
popular news
-
රත්නසේන Friday, 22 March 2019 12:29 PM
ඇත්තේන්ම වන විනාශය ගැන මහ ජනතාව දැනුවත් වීමට වඩා දෙයක් සිදුවිය යුතුයි. හැකි ඉක්මනින් මෙය නතර කළ යුතුය! අවශ්‍යනම් ජනාධිතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට දුර කථණ ඇමතුමකින් ද මෙය නැවැත් විය හැක. එසේ නොකරන්නේ මන්දැයි යන්න බරපතල ප්රශ්නයකි! වන විනාශය පිටුපස සිටින්නේ රටේ විවිධ බලවතුන් බව පැහැදිලිය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

