වන්නි ආරක්ෂක මූලස්ථානයේ නැවත පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස
යුද්ධෙන් පසුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය තුළ නැවත පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5ක් වෙනුවෙන් නව නිවාස සාදා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත මේ වනවිටත් නිවාස 03ක් ඉදිවෙමින් පවතින අතර එහි අනෙක් පියවර වශයෙන් ඊයේ (10) දින වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ පදිංචි දිළිඳු පවුලක් හා වැලිඔය ප්‍රදේශයේ ජීවත්වන දිළිඳු පවුලක් වෙනුවෙන් නව නිවාස සාදා දීමට මුල් ගල තැබීම සිදු විය.
මේ අනුව පම්පමඩුව ප්‍රදේශයේ පදිංචි නාගරාසා මූර්ති යන අයටද වැලිඔය සපුමල්තැන්න ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක ප්‍රදීප් කුමාර යන අය වෙනුවෙන් ඉදිකෙරෙන නව නිවාස වෙනුවෙන් මුල්ගල තැබීම සිදු විය.
දිළිඳු පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන නව නිවාස සඳහා විශ්‍රාමික යුද හමුදා නිලධාරී මේජර් ශාන් ප්‍රනාන්දු මහතා සහ ව්‍යාපාර හිමියෙකු වන අතුල එළියපුර යන අය විසින් මූල්‍යාධාර ලබා දීම සිදු වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

