වනජීවී නිලධාරීන් මගේ උපදෙස් පිළිගන්නේ නෑ
ඇතැම් වනිජීවී නිලධාරීන් තමන් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
වනඅලියෙකු සම්බන්ධ සිදුවීමකදී වනජීවී නිලධාරීන් පැමිණෙනතෙක් පැය ගණනක් බලා සිටීමට සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
නිසි පරිදි රාජකාරිය ඉටු නොකරන එම නිලධාරීන් සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට නොහැකිව ඇත්තේ තමන් නියෝජ්‍ය අමාත්‍යවරයා වීම හේතුවෙන් බවද තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.
වනඅලින් රැක ගැනීමට වනජීවී නිලධාරීන්ගේ උනන්දුව ප්‍රමාණවත් නොමැති බවත්, ගම්මාන අවට සැරිසරන අලියෙකුගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කළහොත් පතොරම් ටොන් එකක් පමණ සොයාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වනඅලින්ගේ වාසභූමිවලට ඇතැම් පුද්ගලයන් ගවයන් මුදාහැරීම හේතුවෙන් වනඅලින් ආහාර සොයා ගම්වලට පැමිණෙන බවත්, ගවයන් වනාන්තරවලට රැගෙන යන පුද්ගලයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය.

වනඅලි තර්ජන තිබෙන දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර ඉදිකර ඇත්තේ වනඅලින්ගේ වාසභූමි පවරා ගෙන බවත්, මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා සියලු දෙනාගේ සහාය ලබා දිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර, දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යානවල ජීවත් වන සතුන්ගේ තොරතුරු සොයා බැලීම සඳහා තමන් ඉදිරියේදී එම ස්ථානවලට යන බවද පාලිත තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය.
popular news
-
Champa Tuesday, 10 July 2018 09:35 AM
වනජීවී නිලධාරීන්ගේ අකාර්යමක්ෂකතාවයක් තියෙනව තමයි. නැත්නම් මේ තරම් අලි මැරෙන්න විදියක් නැහැ. වෙඩි වදින්න විදිහකුත් නැහැ. අර එක අලියෙක් දවස් 10ක් තිස්සේ හොයාගන්න බැරි වුන කිව්වේ. අනිත් එක අලින් ඉන්න ප්‍රදේශ එන්න එන්න පුංචි වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

