වනඅලියකු විසින් අද (21) දා අලුයම බිද දැමු බිත්තියක් නිදා සිටි ඇඳට කඩා වැටිම හේතුවෙන් පොළොන්නරුව වැලිකන්ද මල්ලින්ද ප්රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුලත් කොට ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ මල්ලින්ද ගම්මානයේ පදිංචි ව්බ්ලිවූ . ඩී රණපාල නමැති (75) හැවිරිදි තිදරු පියෙකි.
ගම්මානයට කඩා වැදුණු මෙම වනඅලියා මෙම නිවාස ඇතුළු තවත් නිවාස දෙකකට අද අලුයම දැඩි ලෙස අලාභානි සිදු කොට තිබේ,
වනඅලියා කඩිනමින් අල්ලා වෙනත් ප්රදේශයකට රැගෙන යන්නයි ගම්මුන් වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ .

