විධායක ජනාධිපති ධුරයට එරෙහිව ජනමතයක් හදනවා -
හිටපු පාලකයන් හා වර්තමාන පාලකයන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව පොරොන්දු ලබාදුන්නද එය ඉටුනොකළ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීම සඳහා පුළුල් ජනමතයක් ගොඩනගන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙසින් පාලකයන්ට බලකිරීම සඳහා රට පුරා ජනතා උද්ඝෝෂණ සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අද (14දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා වහාම තම කණ්ඩායමේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු බවයි.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු












popular news
-
Champa Monday, 14 January 2019 07:47 PM
බොල් සිහින!
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

