විදේශ විනිමය රැකගෙන ප්‍රවාහන කටයුතු දියුණු කරනවා
"අප රටේ විදේශ විනිමය රැකගෙන රටේ ගමනාගමනය දියුණු කිරීම අපගේ නව රජයේ අපේක්ෂාවයි. ඒ අනුව තමයි අද දින ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ දහයක් අලුත් වැඩියා කර ධාවනය සදහා ලංකා ගමනාගමන මණ්ඩලය ට බාර දෙන්නේ." මෙලෙස අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ කතා කළේ ජා-ඇල ඒකල සී/ස ලක්දිව ඉංජිනේරු සමාගමේ නිරීක්ෂණ සංචාරයකට 28 දා එක්වෙමිනි.
මෙහිදී අළුත් වැඩියා කරනු ලැබූ බස් රථ 10 ක් පානදුර, මාතර, අළුත්ගම, කැස්බෑව, නිකවැරටිය, ගල්ගමුව, ඇල්පිටිය, කිරිදිවැල, රඹුක්කන, මතුගම යන ඩිපෝ වලට ලබා දීම සිදු කැරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිට අමාත්‍ය ගාමිණී ලොකුගේ
" අපි ඉස්සර වගේ ධාවනයෙන් ඉවත්කරන බස් රථ ඉස්සර වගේ වෙන්දේසි කරන්නේ නෑ. ඒවා ධාවනයට එක් කරන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ. ඒ අනුව මේ වනවිට බස් රථ විසිපහක් මෙම ආයතනය තුළ අළුත්වැඩියා කරමින් තියනවා. අපි ජනවාරි පලමුවනදා වන විට ධාවනයෙන් ඉවත් කර තිබෙන බස් රථ දෙසීයක් අළුත් වැඩියා කර රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදනවා.
පසුගිය කාලයේ දුම්රිය දෙස බලපු නැති නිසා අඩුපාඩු ගොඩාක් එහි තියනවා. දුම්රිය වෘත්තීය සමිති සමග අපි බොහොම සුහදව ඒ දේවල් කතා කරමින් යනවා. අපි ජනාධිපති තුමා සමගත් කතා කරලා රජය ලබාදෙන උපාධිධාරී පත්වීම් වලින් දුම්රිය පුරප්පාඩු හදන්න කටයුතු කරනවා. ඒ වගේම අට සමත් අය රජයේ සේවයට බදවා ගැනීමේ වැඩපිලිවෙල යටතේ 800 දෙනෙක් නිසි පුහුණුවක් ලබාදී දුම්රිය සේවයට බඳවා ගන්නවා.
අපි එදා මැතිවරණ වේදිකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ 19 සංශෝධනය ඉවත් කරන්න අපිට තුනෙන් දෙකක බලය දෙන්න කියලයි. ඒ අනුව ජනතාව අපිට එම බලය ලබාදීලා තියෙනවා. දැන් තියෙන්නේ ජනතාව ට පොරොන්දු වු ඒ දෙය අපි ඉටුකිරීමයි. දේශපාලන පලිගැනීම් කොමිෂන් හමුවේ අද අනාවරණය වෙමින් තියනවා 19 වන සංශෝධනයෙන් ගෙනා ස්වාධීන කොමිෂන් සභා කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියලා. එවැනි දේ නිවැරදි කරලා රට නිවැරදි දිශාවකට ගෙන යාමයි අපි කරන්නේ."
මේ අවසථාවට සහභාගී වු රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අදහස් දක්වමින්" දහනවය සංශෝධනය නිසා රට පබගාලක පැටලිලා. අදටත් රටේ ජනධිපතවරු, අගමැතිවරු කොමිෂන් ගානේ යන්නේ මේ දහනවය නිසයි. අද රටේ පොලිස්පති වරයකු පත් කර ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. වැඩ බලන කෙනෙක් තමයි ඉන්නේ. අපි දැක්කා ස්වාධීන මැතිවරණ කොමිසමේ එක් අයෙක් ජාතිවාදී ව කටයුතු කරපු ආකාරය. දහනවයට පෙර මේ රටේ ප්රජාතන්ත්රවාදය තිබ්බා. අපි කරන්නේ දහනවය අහෝසි කරන එක විතරයි
ජා-ඇල ප්‍රසංග පෙරේරා

popular news
-
Wimal Monday, 28 September 2020 02:55 PM
Let’s go back to bullock cart era to save foreign exchange, yo Slow learner. why don’t you implement the jaika liight train
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

