විදේශීය සංචාරකයන් වැට් බද්දෙන් නිදහස්
ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ ලබා ගන්නා භාණ්ඩ හා සේවා සඳහා අයකරන වැට් බදු නැවතත් ඔවුන්ට ලබාගැනීමට අවස්ථාව ලැබී තිබේ.
2018 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල කටුනායක ගුවන්තොටුපොලේදී ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
වැට් බදු සංශෝධන පනත් කෙටුපත් විවාදයේදී ඔහු මේ බව සඳහන් කළ අතර ඒ අනුව සංචාරකයන්ගෙන් අයකරන 15%ක වැට් බද්ද ඔවුන්ට නැවතත් කටුනායකදී ලබාගැනීමට අවස්ථාව හිමිව තිබේ.
“සංචාරකයක් සඳහා 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් වැට් බදු නිදහස් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනවා. කොළඹ කටුනායක ගුවන් තොටුපොලේදී වැට් ප්‍රතිපූර්ණ කිරිමේ යාන්ත්‍රණය හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවට පැමණෙන සංචාරකයන්ට තමන් මෙහිදී ලබාගන්නා දෑ සඳහා අයකරන 15% වැට් බද්ද නැවතත් ගුවන් තොටුපොලේදී ලබා ගැනීමට හැකිවෙනවා. මේ යාන්ත්‍රණය අපි සැප්තැම්බර් මාසයේ සිට පටන් ගන්නවා.
2008 වෙන කොට සංචාරක පැමිණීම මිලියන 2.1ක දක්වා ඉහළ ගොස් අපිට ඩොලර් මිලියන 4000ක් ලැබී තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් ඉහළ දමාගෙන 2020 වන විට අපේ සංචාරකයන් ප්‍රමාණය මිලියන 4ක් දක්වා වැඩි කිරීමට සංචාරක අමාත්‍යංශයේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ තුළින් ඩොලර් මිලයන 7000ක අදායමක් ලබාගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා.”

popular news
-
Champa Thursday, 09 August 2018 09:21 PM
මේක අන්තිම අසාධාරණයි. ගිය අවුරුද්දේ අයවැයට මේක කියපු දවසෙම විරුද්ධව ලිව්වා. සංචාරකයන්ව VAT බද්දෙන් නිදහස් කරන්නේ සල්ලි තියෙන රටවල්. තනිකරම මහන්සි වෙලා හම්බ කරන ජනතාවගේ බදු සල්ලි වලින් දුවන පිංගුත්තරයන්ගේ ආණ්ඩුව සංචරකයන්ව බද්දෙන් නිදහස් කරන එක අන්තිම වැරදියි. මේක රජයට ලැබෙන ආදායමක්. මේක එපා නම් අඩු කරපියව් මිනිසුන්ගේ බදුත් එහෙනම්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

