විදුලි බල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමෙරිකාව තාක්ෂණික සහාය ලබාදීමට සූදානමින්
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.
ඇය ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (25) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල වශයෙන් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේය. මෙම හමුව අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවත්විනි.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා 2023 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාව ඉක්මවමින් විදුලිබලය නිපදවීමට අවශ්‍ය වැඩ පිළිවෙළ තමන් ආරම්භ කර ඇති බව කීවේය. ඒ් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ. නොරොච්චෝල නව ගල්අගුරු බලාගාරය පරිසර හිතකාමි ලෙස නව තාක්ෂණය යටතේ ඉදි කිරීමට යෝජිතය.
එමෙන්ම මෙම වසර අවසන් වනවිට උමාඔය, මන්නාරම සුළං බල ව්‍යාපෘතිය, බ්‍රෝඩ්ලන්ඩ් හා යාපනය සූර්ය බල ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතය. එසේම 2023 වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යෝජිත නව ගල්අගුරු බලාගාර හා ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මහජනතාවගේ විදුලි බිල අඩු කීරීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරිය කියා සිටියේ ඒ් සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය ලබා දීමට තම රට සූදානම් බවයි. එපමණක් නොව දැනට අප රටේ නාගරිකව පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහාත් ඒ් සඳහා යොදා ගත හැකි නව තාක්ෂණය හඳුන්වා දීමට අවශ්‍ය වන්නේ නම් ඒ් පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළ හැකි බවත් සඳහන් කළාය.
ශ්‍රී ලංකාව සමග දීර්ඝකාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහයෝගයෙන් කටයුතු කර ඇති බවත්, තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට තම රටේ උපරිම සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

popular news
- 
                            
Hiran Monday, 29 June 2020 11:39 PM
Why do US love us so much.. They supported us during late 70s - mid 80s then dropped us like a hot potatoe over lndia. In order to get a foot hold of lndia they gave us stepmotherly treatment. Srilanka had to get lndians approval to enjoy every benefit. Now suddenly when we are slowly aligned to China both lndia and US seems highly excited to break that link promising heaven and earth but once their end is achieved they will again back peddle without allowing us to reach our goals. Every outsider takes advantage of a home that is divided. The key is, that we be united leaving our differences aside. The politicians will continue to bend backwards to please foreign powers and will jump ship the first sign of sinking. Stay united srilanka... Stand up together.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                