විදුලිය බිඳවැටීමේ වගකීම අමාත්‍යාංශයේ නම් ඩලස් ඉවත් වෙන බව කියයි
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනටම සිදුවූ විදුලිය විසන්ධිවීම පිළිබඳව වගකීම සිය අමාත්‍යාංශයේ නම් තමන් අමාත්‍යධුරයෙන් ඉවත්වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සඳුදා ඩලස් ගාල කරන්ට් ගියා කිව්වා. හැබැයි ඩලස් ගාලා කරන්ට් ආවේ නෑ. වෙනදා ගියාම එහෙම එනවා. ලොකු ප්‍රශ්නයක් තිබුණේ. අවුරුදු ගණනාවකට පස්සේ. විදුලි බල ඇමැතිවරයා ලෙස වැඩ බාර අරගෙන පැය 96යි. අද විදුලි බල අමාත්‍යාංශයත් මමත් තාම ඉගෙන ගන්නවා.
ඉගෙන ගන්න කොටම ලයිට් ගියා. එදා දවල්ම මම කිව්වා වහාම කමිටුවක් පත්කරන්න. මම විශ්වාස කරනවා මේ වාර්තාව සඳුදා හැන්දෑවේ අපි අතට ලැබෙයි කියලා.
ඒ වාර්තාවේ කියනවානම් විදුලි බල අමාත්‍යාංශයේ තමයි වැරදීම කියලා මට දෙන්න ඕන දඬුවම මොකක්ද? මම ගන්න ඕන පියවර මොකක්ද? විදුලි බල අමාත්‍යාංශය නම් මේකට වග කියන්න ඕන අඟහරුවා හැන්දෑවේ ඉදලා මේ රටේ විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම නෙමයි.”
popular news
- 
                            
Kumar Sunday, 23 August 2020 07:22 PM
How can anybody blame the minister for a mechanical failure as soon as he took office. Again this could be setup by the usual crew
Reply : 0 0
nimal Monday, 24 August 2020 05:09 AM
විදුලි ඇනහිටීම විදුලිබල මණ්ඩලය හෝ අමත්යන්සය ගතයුතුබව තීරණය කමිටුව පළමුව තීරණය කොට තිබුනද ඇමතිගේ කතාවෙන් පසු එම තීරණය වෙනස් කිරීමට එම කමිටුව තීරණය කොට ඇත
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                