යාපනය පන්නෙයි කොටුව අසලදි අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කොට පළා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.
යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති 29 හැවිරිදි සිසුවියක් මෙසේ ඝාතනයට ලක් වි ඇත.
අදාළ සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවිමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට අසල මුහුදු රැල්ල මතට දමා පළා යාමට උත්සාහ කිරිමේදී ප්‍රදේශවාසීන් විසින් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා සැකකරු පොලීසියට භාර දුන් බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා සිටියහ.
අදාළ ඝාතනය වෛද්‍ය සිසුවියගේ හා සැකකරු අතර වූ ප්‍රේම සම්බන්ධතාවය ආරවුලක් දක්වා දුරදිග යාමෙන් සිදුවි ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පළ කර සිටියි.
මේ අතර ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදුන් සැකකරු යුද හමුදා සෙබලෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවටද පොලීසියට අනාවරණය වි ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසිය වෙතට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1ec16a8b42.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_289c6357bd.jpg)