වෛද්‍ය ගයාන්ගේ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි.
රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙක් මෙසේ මිය ගියේය.
මියගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් කොට පිංපැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින් එය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පසුව වෛද්‍යවරයාගේ දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

