වතුකර ජනතාවගේ ගැටලු විසඳිය නොහැකි හේතුව ජ.වි.පෙ කියයි
වතුකරයේ වෘත්තිය සමිතිවල නායකයින් පලකයින්ට පක්ෂපාතිව කටයුතු කරන නිසා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම බිමල් රත්නායක මහතා පවසයි.
බිමල් රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ බගවන්තලාව ප්රදේශයේ වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා අද (31) බගවන්තලාව එ.කේ ශාලාවේ පැවති රැස්විමක් අමතමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්රිවරයා,
80% වෘත්තිය සමිති සමාජිකත්වයක් තිබෙන වතුකරයේ ජනතාවට වඩා අඩු වෘත්තීය සමිති සමාජිකත්වයක් දරන රටේ බහුතර රාජ්ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයින් අයිතිවාසිකම් ලබා ගන්නවා
රාජ්ය සේවයේ සහ පෞද්ගලික අංශයේ පිහිටුවා ඇති වෘත්තිය සමිති අතරින් රටේ පාලකයන් සමග ගැටෙමින් ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන එකම වෘත්තිය සමිතිය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිති බවයි බිමල් රත්නායක මහතා කියා සිටියේ.
වතුකරය නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන්ට මෙන්ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ට වතු තිබෙන නිසා වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ වැඩි වැටුපක් ලබා දිමට කටයුතු නොකරන බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසිය.

popular news
-
කෝලිත Monday, 01 April 2019 12:52 AM
89 තේ ෆැක්ටරි කීයකට ගිණි තිබ්බද කියල මතකද ?...ඒව කලෙ මහින්දලද,? රනිල්ලද, ? කොටිද , ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

