වර්තමානයේ පවතින්නේ ඒකාධිපති ආණ්ඩුවක් බවත් ආණ්ඩුවට එරෙහිව යෝධ විරෝධතාවක් සැප්තැම්බර් 05දා ගෙන එන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේපැවතී දිවංගත අමාත්‍ය රිචර්ඩ් ගුණානුස්මරණ උත්සවය අමතමින් ඔහු මේ බව කීවේය.
“වර්තමාන ආණ්ඩුව කරන්නේ කුමක්ද? දුම්රිය වර්ජකයින්ට පොලිසියෙන් බලපෑම් කරනවා. අද සියල්ල කරන්නේ පොලිසියේ මැදිහත්වීමෙන්. විශේෂ උසාවි පිහිටුවලා ඇමැතිවරුන්ට ඕන පරිදි නඩු අහනවා. අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ.
ප්රජාතන්ත්රවාදයක් නැහැ. ජීවන වියදම වැඩියි. දරන්න බැරි බදු අය කරනවා. දඩ ගහනවා. දේශපාලන වූවමනාවලට වැඩකරනවා. ඇප නැතිව හිරේ දමනවා. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු විධායකයට අපහාස කරනවා.
අවුරුදු 150ක් පොලිසිය හොඳින් වැඩ කළා. අද හමුදාවට පොලිසියේ කටයුතුත් පවරනවා. මහජනයාට නිදහසක්නෑ. මේක ඒකාධිපති ආණ්ඩුවක්. සැප්තැම්බර් 05දා අපි මේ ආණ්ඩුවට විරුද්ධව යෝධ විරෝධතාවයක් කරනවා.”
රවීන්ද්‍ර ලියනගේ
